Friday, October 24, 2014

මට ඔබ ආදරේ නිසාවෙන් ...



හිරු සඳු නොඉල්ලමි මම ඔබෙන්
මගේ ලොවේ හිරු සඳු ඔබම නිසාවෙන් ...


සුර සැප නොඉල්ලමි මම ඔබේන්
මට ඔබ ඇති තැන වෙන සැපතක් නොමැති නිසාවෙන්...


හඬන්නට කඳුලු නොඉල්ලමි මම ඔබෙන්
මට ඔබ මහ සයුරක් තරමට කඳුලු උරුම කර දුන් නිසාවෙන්...


ආදරය නොඉල්ලමි මම ඔබෙන් 
මට ඔබ මහමෙරක් තරමට තවමත් ආදරේ නිසාවෙන් ... 


ගූගල් දෙවියා විසින් සපයන ලද රූපරාමුවකි.

6 comments:

  1. ආදරය ,කඳුල,දුක ,සැප ඔක්කොම ලැබිල ..තවත් මොනවා ඉල්ලන්නද :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ තවත් මොනා ඉල්ලන්නද නේද
      මං හිතන්නේ පෙම්වතුන් හැමදේනාටම මේ අත්දැකීම ඇති හංසි
      ඒකෙ රස දන්නෙත් ඉතින් එයාලම තමා
      සුභ දවසක්....

      Delete
  2. ඒක ඇත්ත.... ඒත් අවාසනාවට සමහර අය ඕක තේරුම් ගන්නව හරි අඩුයි...

    ReplyDelete
    Replies
    1. තෙරුම් ගන්නෙ නැද්ද නැත්තන් නොතෙරෙනවා වගේ ඉන්නවද දන්නෙ නෑනේ...
      ඒ උනාට ඔය ටික තේරුම් ගත්ත ටික දෙනා ගැන සතුටු වෙමු නංගා අපි...

      සුභ දවසක්....

      Delete
  3. මචං මං උඹව ෆලෝ කරලත් උඹේ බ්ලොග මගෙ අප්ඩේට් වෙන්නෙ නැ මේකත් අර ඔයා මට හැන්ගව්ට්ස් කරපු න්ද දැක්කෙ මීට පස්සෙ මචෝ මොකක් හරි අසන්නට ඕන නං බුලියට මැසේජ් කරන්න නැත්තං මෙල් එකක් දාන්න මං මේලි එක හැන්ගවුට් කරල ඇති.. හොදේ...
    කවිය නං අපූරුයි.... ආයෙ අප්ඩේට් වේවා කයල හිතන්නං...

    ReplyDelete
    Replies
    1. හද පතුලෙන්ම ස්තූතියි යලූ

      සුභ දවසක්....

      Delete

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න