Saturday, May 16, 2015

නුබ ඉතිං මට පුදුමයක් . . .


හදිස්සියේ දවසක නුබේ නිල් නුවන් දැක 

සිතට ලද සුව මිහිර 

මටම තව පුදුමයක් 

වැඩි කලක් ගතනොවී 

සිතට සඳ මඩලවී සිනාසුන

සුභ දිනය වාසනාවක් 

මටම නුබ ලැබෙන බව නොසගවා පැවසුවත් 

සොඳුරු පෙම් කවි මිහිර සිත පුරා පබැදුනත් 

තවම මට නොතේරුණ 

නුබ ඉතිං මට පුදුමයක් . . . 

3 comments:

  1. ජීවිතේ සමහරක් දේවල් කොච්චර කල් ගියත් තේරුම් ගන්න හරි අමාරුයිනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත, සහතික ඇත්ත, ජිවිතේ කියන්නේ හරියට ප්‍රශ්න පත්තරයක් වගේ එක තේරුම් අරන් හරිම උත්තරේ දෙන්න ඕනි. නැත්තන්....

      Delete
  2. //පෙම් පාට සිත්තමක හිනැහෙන
    නුඹෙ සුවය මට ලෝකයක්...
    නිමි නොවී හිමි වෙන්න යළි යළි
    ඉපදෙනා මතු අත් භවෙත්..//

    ලස්සන නිර්මාණයක් සඳයියා..

    ReplyDelete

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න