Friday, May 22, 2015

හදවතක් තියේද . . . ?


උරහිසක් තියේද . . . ?

කාලයකට කුලියට ගන්න

ටික කලක් අඩමි මම 

එතෙක් මට උර දෙන්න . . . .


පපුවක් තියේද . . . ?

කාලයකට කුලියට ගන්න

වෙහෙස වී හිදිමි මම

මා තුරුලු කර ගන්න . . . .


හදවතක් තියේද . . . ?

සින්නක්කරවම ගන්න

සදාකල් හිනැහෙන්න

මට ආදරය දෙන්න . . . .


5 comments:

  1. බොහෝම සංවේදී සටහනක්.. අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයෙන් දැක ආවේ.. බ්ලොග් රෝලට එකතු කර ගන්නවා.. දිගටම ලියන්න. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ මිතුර. "සඳ සිත්තමට" ආදරයෙන් පිළිගන්නවා දිගටම එන්න ජයවේවා ඔබට . . . !!!

      Delete
  2. ලස්සනයි සඳෝ... මොකද මේ සීරියස් වෙලා...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් විතර එහෙම වෙලා බලන්න හිතුනා නංගෝ. . .

      Delete
  3. ලස්සනයි!!
    යුනික් කතාවක් තියෙන්නේ!!1

    ReplyDelete

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න