Tuesday, January 5, 2016

ඇගේ සුවද . . . .

සුවදයි

කියා

අත

පුච්චගන්න

බැරිකමට

විදිනවා

මම

ඒ 

ඇගේ

සුවද

දුර

ඈතක

සිට


Sunday, November 8, 2015

විරහව . . .

සුසුම් වලට

පුළුවන් නම්

අසාවි මගෙන්

කිමද මේ

තරමට

දුක් උහුලන්නේ

කියා . . .



Saturday, November 7, 2015

නිවී ගිය් මිණිපහන.

මීට දසක හතරකට නැතිනම් පහකට පමණ පෙර යාන්ත්රික විද්යාව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයට අනුයුක්තව සේවය කළ අති දක්ෂ තරුණ ඉංජිනේරුවරයකුට ලෝකයේ සුප්රකට, එංගලන්තයේ ඇව්රෝ ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් කැඳවීමක් ලැබිණි. ලංකාවත් එක්සත් රාජධානියත් අතර වූ රාජ්ය තාන්ත්රික සබඳතා හරහා සිදුවූ ඉතා ඉහළ මට්ටමේ කැඳවීමක් සේ, මේ පිළිබඳව, අපට සටහන් තැබිය හැක.
නිමිත්ත වූයේ ඒ කාලයේදී 'ඇව්රෝ' ගුවන්යානා නිෂ්පාදනය කරන සමාගම මුහුණදී තිබූ, දැවැන්ත ගැටලුවකට පිළියම් සෙවීමට අන් මඟක් නොමැති වූ කල, එම සමාගමේ බලධාරීහු ශ්රී ලංකාව නමැති රම්ය දිවයිනේ ජීවත් වූ ප්රඥවන්තයකුගේ පිළිසරණ සොයා යැමයි.
මේ ප්රඥවන්තයා අන් කවරකු හෝ නොව දැනට, ජීවතුන් අතර සිටින වයෝවෘද්ධතම ඉංජිනේරු මහාචාර්යවරයා වන, පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය මහාලිංගම් මහතාය. මහනුවර මුල්ගම්පොල ප්රදේශයේ ජීවිතයේ සැඳෑ සුවය විවේකීව ගත කරන මහාචාර්ය මහාලිංගම් මහතා එදා එක්සත් රාජධානියේ ඇව්රෝ සමාගම වෙත පියාඹා ගියේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන ඇව්රෝ ජෙට් යානා ඇන්ජින්වල හටගෙන තිබූ යාන්ත්රික දොaෂයකට පිළියම් සෙවීමටය. ලෝකයේ විශිෂ්ටතම යාන්ත්රික ඉංජිනේරුවන්ගේ තියුණු පරීක්ෂාවට ලක්වූයේ නමුදු රෝග නිධානය සෙවීමට අපොහොසත් වූ ඇව්රෝ ජෙට් ඇංජිමේ එන දෙදරීම (VIBRATION) සොයා ගැනීමත්, ඊට ස්ථිර පිළියමක් යෙදීමත් එදා අපේ යාන්ත්රික ඉංජිනේරු මහාචාර්ය මහාලිංගම් වෙත පැවරී තිබුණ අභියෝගයයි. සුද්දන් විසින් අතහරිනු ලැබ තිබූ මෙම දැවැන්ත අභියෝගය දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව භාර ගත් අපේ මහාචාර්යතුමා, අවසානයේදී ඇව්රෝ සමාගම ම, මවිත කරවමින් ඇව්රෝ ජෙට් ඇංජිමේ දෙදරීම නිට්ටාවටම සුවපත් කළේය.
ඇව්රෝ ජෙට් ඇංජින් නිෂ්පාදනය බෙහෙවින් ම අනතුරුදායක අඩියකට වැටී තිබූ අවස්ථාවක, මේ ප්රඥා සම්පන්න ශ්රී ලාංකික ඉංජිනේරුවරයා පෑ දක්ෂතාව පිළිබඳව මහත් සේ පැහැදුණු එක්සත් රාජධානිය, අපගේ මහාචාර්යතුමාගෙන් අයෑද සිටියේ, එතුමා කැමැති ඕනෑම වරයක් ඉල්ලා සිටින ලෙසය. මේවා අතර, තම රටේ පුරවැසිකම, ඇව්රෝ සමාගමේ ඉහළම තනතුරක්, යාන වාහන ඇතුළු සියලු සැප සම්පත්ද එසේ යෝජනා කෙරිණ. එහෙත් අපගේ මේ ශ්රේෂ්ඨ මහාචාර්යතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, එකම එක දෙයකි. ඒ පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්ය ප්රජාවගේ ප්රයෝජනය පිණිස තමන් හට ඇව්රෝ ජෙට් ඇංජිමක් ලබා දෙන ලෙස. ඉල්ලීම එසැණින්ම ඉටු වූයේ ඉහළම ගෞරවයද සහිතවය.
මැලේසියානු ලාංකිකයෙකු වූ තරුණ මහාලිංගම් 1946දී ලංකාවට පැමිණෙන්නේ ලංකා තාක්ෂණික විද්යාලයෙහි උපාධි අධ්යාපනය ලබා ලන්ඩන් විශ්ව විද්යාලයෙන් ඉංජිනේරු විද්යා බාහිර උපාධියක් ලබාගැනීම සඳහාය. මේ කාලයේදී වත්මන් සිංගප්පුරුවද ඇතුළත් නිදහස ලබා නොතිබුණු මැලේසියාව තුල සරසවි අධ්යාපනය ලබාදෙන ආයතන කිසිවක් තිබුණේ නැත.
මේ කාලයේදී යමක් කමක් තිබුණු මැලේසියානුවන්ගේ සිහිනයක් වූයේ සිය දරුවන් එංගලන්තයට හෝ ලංකාවට එවා උසස් අධ්යාපනය ලබා දීමයි. විශේෂයෙන්ම එවකට මැලේසියාවේ රජයේ ඉහළ තනතුරු බොහොමයක් දැරූ උගත් ලාංකිකයෝ සිය දරුවන් ලංකාවට එවා උසස් අධ්යාපනය ලබාදුන්හ. ලංකාවේ නීති විද්යාලය, වෛද්ය විද්යාලය, යුනිවර්සිටි කොලීජිය මෙන්ම තාක්ෂනික විද්යාලයද කලක සිට කලාපයේ නමක් දිනාගෙන සිටි අධ්යාපන ආයතනයි. වෛද්ය විද්යාලය සහ යුනිවර්සිටි කොලීජිය 1942දී ලංකා විශ්ව විද්යාලය තුලට අවශෝෂණය වී තිබුණත් ඉංජිනේරු පීඨය ඇරඹුණේ වසර ගණනක් පමාවී 1950 වසරේදීය.
අධ්යාපනය සඳහා ලංකාවට පැමිණි මැලේසියානුවන් බොහෝ දෙනෙකු ආපසු සිය ගම්බිම් බලා පිටත් වූ නමුත්, එවකට සේවය කිරීමට හා වාසයට ඉතා යෝග්ය තැනක් වූ ලංකාවේ දිගටම රැඳෙන්නට මහාලිංගම් තරුණයා තීරණය කළේය. 1950 වසරේදී ලංකා විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨය පිහිටවන විට එහි ආරම්භක කථිකාචාර්යවරයෙක් ලෙස මහාලිංගම් සේවයට බැඳුණේය. පසුව ලංකා විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨය පේරාදෙණිය විශ්ව විද්යාලයයේ ඉංජිනේරු පීඨය බවට පත් වූ අතර එංගලන්තයේ ෂෙෆීල්ඩ් විශ්ව විද්යාලයෙන් ආචාර්ය උපාධිය (PhD ) ලබා ආපසු පැමිණි ආචාර්ය මහාලිංගම් පසුව ලන්ඩන් විශ්ව විද්යාලයෙන් DSc ගෞරව ආචාර්ය උපාධියක්ද ලබා මහාචාර්යවරයෙකු ලෙස දිගටම සේවය කළේය.
1940 වසරේ නොවැම්බර් 07 දින ඇමරිකාවේ වොෂින්ටන් ප්රාන්තයේ ටකෝමාහි ඉදිකර තිබුණු එවකට ලෝකයේ තිබූ තෙවන දිගම එල්ලෙන පාලම, එය විවෘත කර මාස හතරකට පසුව පැයට සැතපුම් 42ක සුළඟකට ඔරොත්තු දිය නොහැකිව බිඳ වැටුණේ ඉංජිනේරුවන් මවිතයට පත් කරවමිනි. මේ පාලම සැලසුම් කර තිබුණේ පැයට සැතපුම් 120ක සුළඟකට වුවද ඔරොත්තු දිය හැකි පරිදිය. පසුව සොයාගැනුනේ පාලම බිඳවැටීමට හේතුව අනුනාදය (resonance) බවයි. මේ සිදුවීම අලලා සකස් කෙරුණු වාර්තා චිත්රපටයක් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේදී නිතර ප්රදර්ශනය කෙරුණේය. මෙය මහාචාර්ය මහාලිංගම්ගේ විෂය ක්ෂේත්රය විය.
ටකෝමා පාලම බිඳවැටීමේ 75වන සංවත්සරයට දින හතරක් ඉතිරිව තිබියදී, මහාචාර්ය මහාලිංගම් අද දින යාපනයේ රෝහලකදී සිය දිවිසැරිය නිමාකර තිබුණි.
ඇවුරෝ ජෙට් එන්ජිමේ දෝෂය සකස් කිරීම වෙනුවෙන් කිසිදු ප්රතිලාභයක් ලබා නොගෙන පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිසුන්ට අධයනය වෙනුවෙන් ජෙට් එන්ජිමක් පමණක් ලබා ගත් මහාචාර්ය එස් මහාලිංගම් යාපනය රෝහලේදි ඊයේ අභාවප්රාප්ත වී ඇත
මිනීමරුවන් මාකට් කරන කුණු ගොස්පි වාර්තා කරන එකදු පුවත්පතක් ,විද්යුත් මාධ්යයක් ,වෙබ් අඩවියක් ඔහුගේ මරණය පිලිබඳ වචන දහයකින් හෝ වාර්තා කර තිබුනේ නැත.
අන්තර්ජාලය ඇසුරෙනි.


Tuesday, November 3, 2015

විරහව . . .

කදුලට 

පුළුවන් නම්

අසාවි මගෙන්

කිමද මේ

තරමට

ඇසේ කුදුලු

කියා . . . 




Sunday, November 1, 2015

මැණික මගේ . . .

මැණික කියා

රැකගත් ඔයා

හැරදා නොකියම

ගිය දා ඉදන්

මා

අඩු නැතිව විදිනවා

තවම

විරහා වේදනා...


Sunday, October 4, 2015

ගැහැනිය - කෑල්ලක්, බඩුවක් සහ මවක්

ගැහැනිය - කෑල්ලක්, බඩුවක් සහ මවක්
(දැන උගත් වැඩිහිටියන් උදෙසා පමණයි. අවු 16ට අඩු දරුවන් කියවීමෙන් වළකින්න)
‘ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන’ යන කාව්‍යශේකරයේ කවි පදය නොදන්නා කෙනෙක් නැති තරම්ය. උපන්ගෙයි සිංහල කතා කරන කවුරුත් තමන්ගේ නම ගම ලියන්න දන්නේ නැති වුණත් සම්භාව්‍ය සාහිත්‍යයේ එන මෙම කවිපදය දනිති. එයට හේතුව මෙම කවිපදය හරහා ගැහැනිය යනු ‘වේසියක්, බඩුවක්’ ගානට දාලා කතා කරන්න කාටත් පොඩි රුකුලක් ලැබෙන නිසාය. නමුත් මේ පදය අයත් කවිය සම්පූර්ණයෙන් කියවූ අය හෝ තේරුම් ගත්තු අය අපට සොයා ගැනීමට අපහසුය. දැන් එයට කාලය එළඹ ඇත.
පිරිමීනු ද පතන - අවසර, කල්, රහස් තැන
මිස නොලැබෙන බැවින - ගැහැනු කවුරු ද වරදෙ නොබැදෙන
රාහුල හාමුදුරුවන් ඇත්තටම මේ කියන්නේ පිරිමි ගැහැනු දෙපැත්තක් ගැනය. මුලින්ම චරිත සහතිකයක් දෙන්නේ පිරිමින්ටය. පිරිමි හැමෝම කොයි වෙලේත් අවසර (ඒ කියන්නේ කැමැත්ත), කල් (ඒ කියන්නේ සුදුසු කාලය), සහ රහස් තැන (ඒ කියන්නේ හොර රහසේ ඉන්න පුළුවන් තැන) යන තුන පතනවා. නමුත් උන්ට ඒවා ලැබෙන්නේ නැහැ. ගැහැනියකට ඕනේ නම් මේ තුන ඇති කරන්න පුළුවන්. අන්න එතනදී එහෙම කරන ගැහැනිය වරදේ බැඳෙනවා.
බුදුදහමට අනුව රකින සීලය සහ රැකෙන සීලය කියන්නේ දෙකක්ය. බුදුහාමුදුරුවන් සිල් රකින්න කීවා මිස රැකෙන්න ඉඩ දී බලා ඉන්න කීවේ නැත. ඔය බණ කියන බෝ පැල වගේ ඉන්න පිරිමි බෙහෝමයක් තුන් වැනි සිල් පදය රකිනවා නොව, රැකෙනවා ය. ඒ උන්ට අවස්ථාවක් නැති නිසාය. උවමනාවක් තිබිලා කාගෙන් හරි ගිහිං ඇහුවොතින් ‘නංගි මට උඹත් එක්ක බුදියන්න ඕනේ’ කියා එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ද ආත්ම ධෛර්යයක් ද ගැහැනියට ඇත. ගැහැනියක් ඕකම අනෙක් අතට ඇහුවොත්, ‘අනේ නංගි මං බැඳල නේ, මං කැමැති නැහැ ඕවාට’ කියා කියන පිරිමියෙකු සොයා ගැනීම කළුනික හොයනවාටත් වඩා අමාරුය. ඒ වුණත් පිරිමි අදටත් වල්කමේ නොයන උපාසක පිරිසක් ලෙස සම්මතය, තීන්දුය.
තවත් අතකින් මේ වරදේ බැඳීම යනු ගැහැනියට ආවේණික සංකල්පයක් යැයි පොදු ජන විඥානයට කාවැද්දීම ගැහැනිය ඒ තැනට ඇද දාන පිටිබලයක් ද වෙයි. කවුරුහරි ගැහැනියක් කාත් එක්ක හරි බුදියලා ‘මං මොකටද මේ ගැන වොරි වෙන්නේ, මං විතරක් නෙවේ නේ, ලෝකේ හැම ගැහැනියක්ම හොර මිනිස්සු එක්ක බුදියනවානේ’ කියා හිත හදා ගන්නට මේ සංකල්පය ඇයට රුකුලක් සපයයි.
අපි කොච්චර ශිෂ්ට සම්පන්නව ඉදිරියට එන්න හැදුවත් පරම්පරා ගානක් ගිහිල්ලත් ගැහැනියගේ ස්වභාවයට වෙනස් විදිහක දැක්මක් දෙන්න අපට තාමත් බැරි වෙලා ඇත. අද කොහෙද සීතලා ඉන්නේ, අද කොහෙද පත්තිනි අම්මලා ඉන්නේ කියා අහන තැනට සැම දෙනගේ මානසිකත්වය ඇද වැටී ඇත. අදටත් කොල්ලන්ට ආදරය කරන්න මනුස්සකම් වලින් පිරුණු ආදරය උතුරා ගලන ගැහැනියක් අවශ්‍ය නැත. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් අහන්නේ ‘උඹට කෑල්ලක් නැද්ද?’, ‘තාම උඹට බඩුවක් සෙට් වුණේ නැද්ද?’ කියාය. උන්ට ඕනේ බුදියන්න කෑල්ලක් හෝ බඩුවක් මිසක ආදරය කරන්න කෙල්ලක් නොවේය.
නමුත් මේ සේරම කතන්දර එන්නේ ගැහැනියටය. රටේ ලෝකේ දකින දකින ගැහැනිය වේසියක් කියා සිතන ගමන්ම ‘අපේ අම්මා පට්ට වේසියක් වෙන්න ඇති නේ ද?’, ‘අපේ අම්ම පිරිමි කී දෙනෙක් එක්ක බුදියන්න ඇත්ද දන්නේ නැහැ නේද?’ කියා ප්‍රශ්න කරන්න පෙළඹෙන අය සොයා ගත නොහැකිය. එයට හේතුව සිංහල-බෞද්ධ යැයි කියන සමාජය තුළ ගැහැනිය සහ අම්මා යනු දෙදෙනෙකු වීමය. ඔවුන්ට අනුව අම්මා කෙනෙක් වෙන්නේ ගැහැනියක් නොවේය. ගැහැනිය යනු හුදෙක් බඩුවක්ය, ඒකිගේ දිග පළල බලනවා මිස වෙන වැදගත්කමක් නැත. අම්මා යනු කිරි අම්මාය. දානයට වැඩම කොට ආශිර්වාද ගත්තොත් අපල කෝටියක් නිවාරණය.
බුදුහාමුදුරුවන් කොතැනකවත් අම්මාට විශේෂ වැදගත්කමක් දුන්නේ නැත. උන්වහන්සේ කතා කළේ අම්මා සහ තාත්තා යන දෙන්නාම ගැනය. මව්පිය භූමිකාවේ ඇති සමාජවිද්‍යාත්මක වැදගත්කම ගැනය. නමුත් සිංහල-බෞද්ධ අර්ථකථනය තුළ ‘අම්මා බුදුවේවා’ මිස ‘තාත්තා බුදුවේවා’ කියා යෙදුමක් නැත. අම්මාව හැකි ඉහළම තලයට ඔසවා තබා ඒ ඔස්සේ ‘අපි කාන්තාවට සුවිශේෂි තැනක් උරුම කර දෙන සමාජයක් යැ’යි කීමට සිංහල-බෞද්ධයා පෙළඹී ඇත. (කරුණාකර මුස්ලිම් ගැටලුව මෙතනට අදාළ කර ගන්න එපා. අරාබි සංස්කෘතියේ උන් තරම් අපි තිරිසන්නු නොවෙතත්, අපේ සමාජයේ අඩුපාඩු අපි විචාරයට ලක් කළ යුතුමය. හින්දු සංස්කෘතිය ගැන කිව යුත්තේත් එයමය‍.)
බුදුදහම ගැහැනියව පහත් තලයකට ඇද දමනවා ද යන්න වෙනම කතා කළ යුතු කාරණයකි. නමුත් එකක් ගැන නම් කිය යුතුමය. ගැහැනියක් වෙලා උපදින්නේ පෙර කළ පවකටය. පිරිමියෙක් වීම පිනක්ය කියන ගොන් පාට් එක ගැනය. බුදුහාමුදුරුවන්ට අනුව ගැහැනිය ස්වභාවයෙන් දරන්නේ වේදනාවන් දෙකක් පමණි. එකක් ඔසප් වේදනාවය, අනෙක ප්‍රසව වේදනාවය. මේ දෙකට අමතරව ඇය යම් වේදනාවක් විදී නම් එය සමාජය විසින් ඇයට උරුම කර දුන් වේදනාවකි. ඉදින් කාට හරි අහන්න පුළුවන් මේ වේදනා දෙක විදින්න වෙලා තියෙන්නේ පවක් කළ නිසා නෙවේ ද කියා. නමුත් එය බීජ නියාමය මිස කර්ම නියාමය නොවේය. එනම් ගැහැනියක් වීම තනිකරම ජෛවීය වශයෙන් සිදු වන අහඹුවක් මිස කර්මය නෙවේය. මෙලොව ඇති සියල්ල පෙර කළ කර්මයක් යැයි කීම නියත මිථ්‍යා දෘෂ්ටියකි. ඒ වගේම ජෛන මතයකි. කර්මය යනු නියාම ධර්ම පහෙන් එකක් මිසක වැදගත්ම හෝ ප්‍රබලම එක නෙවේය. ඇත්තටම ගැහැනියක් වීම පෙර කළ පවක ප්‍රතිපලයක් කීම ජෛන ඉගැන්වීමක් මිස බෞද්ධ ඉගැන්වීමක් නොවේය. ජාතකපාළියට එය ගෙන ඇත්තේ ද ජෛන දහමිනි. මුල්බුදුසමය එවැන්නක් නොදක්වයි. අනෙක් අතට ඔසප් වීම සහ ප්‍රසව වේදනාව යනු සමස්ත මානව වර්ගයා පවත්වාගෙන යාමට ඇයට ලැබුණ සුවිශේෂි වර දානයය. එය පවක ප්‍රතිඵලයක් කියා අර්ථකථනය කිරීම මා අනුමත කරන්නේ නැත.
ඇඳුම් ගැනත් යමක් කිව යුතුය. ගැහැනිය යනු හැම විටම සංස්කෘතික ගොදුරක් (cultural victim) බවට පත් කිරීම අප සමාජයේ පුරුද්දක්ය. කොල්ලෙක්ට ශාරුක් වගේ, අමීර්වගේ ඇඳගෙන යන්න අවසර ඇත. නමුත් කෙල්ලකට කරීනා වගේ, කත්රිනා වගේ ඇඳගෙන යන්නට අවසර නැත. බුදුහාමුදුරුවන් පැහැදිලිවම පෙන්වා දෙන්නේ ‘ගේ තෙමෙනවා නම් වහළය හෙවිල්ල ගන්න’ කියාය. ආර්යදේව හාමුදුරුවන් කියා සිටියේ වැලි පෑගෙනවා නම් පොළවට හම එලන්නේ නැතිව, පයට සෙරප්පු දා ගන්න කියාය. කෙල්ලෙක්ගේ අඩ නිරුවත හරි නිරුවත හරි දැක්කාම රාගය ඇවිස්සෙනවා නම් අප කළ යුත්තේ හිත හදා ගැනීම මිස කෙල්ලන්ට ඇඳුම් ඇන්ද වීමට වෙර දැරීම නොවේය. නමුත් අද කෙල්ලන්ට ඇඳුම් අන්දවන්නේ එය බෞද්ධ-සදාචාරය බව හුවා දක්වමිනි. මුන් බුදුහාමුදුරුවන්ට වඩා සදාචාර සම්පන්න වීම එයට හේතුවය. තායිලන්තයේ කෙල්ලකට කකුල් දෙකම පේන විදිහට කොට කලිසමක් ඇඳන් පන්සල් යන්න අවසර ඇත. එවැනි ඇඳුමක් ඇඳන් පන්සල් යන්න ඕනේ නැහැ, නිකම් ගමනක් බිමනක් යන්නවත් අපේ කෙල්ලෙකුට අවසර නැත.
කන්‍යාභාවය ගැනත් කතා කළ යුතුමය. අපි නූතනයි, පශ්චාත්-නූතනයි කියා හිතා හිටියට තවමත් අපේ කොල්ලො බහුතරයක් හිතන්නේ කෙල්ලෙකුගේ තියෙන වටිනා දේ ඒකිගේ යෝනිය කියාය. උන්ට තියෙන ලොකුම ප්‍රශ්නය සහ අභියෝගය තමන් තෝරා ගන්නා කෙල්ලගේ යෝනිය රැක ගැනීමය. අවස්ථාවක් ලැබුණොත් සීයක් එක්ක හරි බුදියන්න ලෑස්ති කොල්ලා බඳින කෙල්ල කන්‍යාවක් විය යුතුයි සිතන්නේ මේ නිසාය. කන්‍යාභාවය තියෙන කෙනෙක් පතිවත රැක ගෙන ඉඳියි කියන මෝඩ විශ්වාසය මේකට ඇති හේතුවය. ඇත්තටම පිට යන ගෑනු බොහොමයක් පිට යන්නේ බැන්දාට පසුවය. මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නැති බව ඇය දන්න නිසාය. කෙල්ලෙක්ගේ යෝනිය ගැන වොරි වෙන්නේ නැතිව, ඇයගේ ආදරයට ආදරය කරන්න පුළුවන්නම්, ඇයගේ හදවත නිවැරදිව තේරුම් ගන්න පුළුවන්නම් ඇය පතිවත රකිනවා කියන එක වළක්වන්න මේ සක්වලේ කාටවත් බැරිය.
මේකටම සම්බන්ධ නිසා ස්වයං වින්දනය ගැනත් යමක් කිව යුතුය. මේ ලෝකයේ කොතැනක හෝ ස්වයං වින්දනයේ යෙදෙන්නේ නැති පිරිමියෙක් ඉන්න බව මට සනාථ කර පෙන්නුවොත් මං මේ ලියන එක එදාම නවත්තනවාමය. නමුත් ඒ ප්‍රශ්නයම ගැහැනු වෙත යොමු කළොත් ඕනෑ තරම් ගැහැනු සිටිනවාය. එයට එකම හේතුව කන්‍යාභාවය සහ ස්ත්‍රී ලිංගිකත්වය ගැන ඇයට දී ඇති වැරදි අධ්‍යාපනයය. ස්වයං වින්දනය මොනම හේතුවක් නිසාවත් අයහපත් ප්‍රතිපල ගෙන දෙන්නේ නැත. නිතර නිතර එහි යෙදීම නිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි බෝනොවන රෝග ගණනාවකින් වැළකී සිටීමට එය උපකාරයක් වනු ඇත. පොදුවේ මිනිසාට ලැබෙන මෙම වරදානය ගැහැනියට අහිමි වී ගොස් ඇත. යම් කෙල්ලක් වැඩිවියට පත් වූ පසු ස්වයං වින්දනයේ යෙදෙනවා නම් ඇයට එයින් ලැබෙන වාසි විශාල සංඛ්‍යාවකි. ඇයගේ පෞරුෂය සහ ආත්ම අභිමානය ඉහළ යාම එයින් වැදගත්ම කාරණයකි. සම පැහැපත් වීම, අනවශ්‍ය තරබාරු ගතිය ඉවත් වීම, කෙට්ටු සිරුරක් නම් තියෙන්නේ මහත් වීම වැනි කරුණුත් ඒ අතර තියෙනවා. කන්‍යාභාවයට හානි වෙයි කියා බයෙන් බොහෝ කෙල්ලෝ එයින් වළකිනවා. නමුත් ක්ලිටෝරිසය ඉදිරියට පැමිණ ඇති නිසා කන්‍යාභාවය විනාශ කර නොගෙන වුණත් ස්වයං වින්දනයේ යෙදෙන්න පුළුවන්. ඒ බව කියා දෙන්න ගැහැනුන්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අපේ සංස්කෘතිය තියෙන තැන ඒකයි.
ගැහැනිය යනු සෙක්ස් අයිටම් එකක් ද කියන ප්‍රශ්නයටත් පිළිතුරක් දිය යුතුය. පිරිමියෙකුගේ සහ ගැහැනියකගේ ලිංගික හැකියාව වෙනස්ය. පිරිමියෙක් දෙතුන් වතාවක් එක පිට ශුක්‍ර පිට කළ හොත් නැවත සතුටු වීමට තරමක් අපහසුය. නමුත් ගැහැනියට අවශ්‍ය නම් දහ දොළොස් වතාවක් වුවත් එක දිගට සතුටු විය හැක. පිරිමියෙකුගේ උත්තේජනය බොහෝවිට ලිංගය කේන්ද්‍ර කර ගෙන ඇති වෙයි. ගැහැනියට එය යෝනිය සහ පියයුරු කේන්ද්‍ර කර ගෙන ඇති වුණත් සමස්තයක් වශයෙන් ඇයගේ මුළු සිරුරම එයට ප්‍රතිචාර දක්වයි. කොටින්ම ගැහැනියකගේ කන්‍යාභාවයට කිසිදු හානියක් නොකොට ඇයව උපරිම සතුටට පත් කරන්නට හැකියි. මෙන්න මේ වගේ කරුණු කීපයක් පාදක කර ගෙන ගැහැනිය සෙක්ස් අයිටම් එකක් මිස ඊට වඩා වැඩි දෙයක් නැහැ කියා හිතනවා නම් එය විහිළුවකි. සමස්තයක් වශයෙන් මිනිසුන්ගේ ලිංගිකත්වය මානසිකය. ශාරීරික ම නොවේ. යම් කෙල්ලෙක් කොල්ලෙකුගේ ලිංගය හිමීට අතගානවා නම් එයින් අත මිදෙන්න තරම් ආත්ම ශක්තියක් පිරිමියෙකුට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. නමුත් ගැහැනියගේ පියයුරු හෝ යෝනිය අනවසරයෙන් අත ගාන්න ගියොත් එය ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව අනෙක් අතට කන හරහා දෙකක් දෙන්නට ද ගැහැනියට හැකිය. ඇත්ත එයය.
ගැහැනියට ලිංගික ඇබ්බැහි වීම් තියනවා යැයි කීම මෙයට ම අදාළ තවත් විහිළුවකි. ලිංගික ඇබ්බැහි වීම යන මානසික රෝගය ගැහැනු පිරිමි ඕනෑම අයෙකුට වැළඳිය හැකි තත්වයකි. නැතිව ගැහැනියට පමණක් ආවේණික තත්වයක් නොවේ. එවැනි ඇබ්බැහි වීම් තිබුණත් පිරිමියෙකුට වඩා ලේසියෙන් ගැහැනියකට එයින් අත මිදිය හැක. අතීතයේ ගණිකාවන් ලෙස ක්‍රියා කොට පසුව සාමාන්‍ය ජීවිත ගත කරන ගැහැනුන් මේ සමාජ වට පිටවේ ඕනි තරම් සොයාගත හැක.
පිරිමියා සහ ගැහැනිය කියන්නේ ජෛවවිද්‍යාත්මකව වෙන වෙනම සත්වයන් දෙදෙනෙකි. ජෛවීය වශයෙන් ඔවුන් අතර ඇති වෙනස්කම් අපට ප්‍රතික්ෂේප කළ නොහැක. නමුත් ස්ත්‍රීවාදය කියන්නේ මේ දෙක එකක් කිරීමට දරන වෑයමක් කියා කවුරුහරි හිතා සිටිනවා නම් එය අපරාදයකි. ගැහැනියට පමණක් ආවේණික ප්‍රශ්න කොහෙද තියෙන්නේ කියා අහන්නේ ගැහැනියගේ තත්වය නිවැරදිව තේරුම් ගන්න බැරි අය පමණයි. ගැහැනිය යනු තවත් එක් ‘මිනිසෙක්’ කියා සමාජයට ඒත්තු ගැන්වීමට දරන සුහද වෑයමක් ලෙසයි මා ස්ත්‍රීවාදය දකින්නේ. (සැලකිය යුතුයි. ලංකාවේ ස්ත්‍රීවාදීන් කෙතෙක් දුරට ස්ත්‍රීවාදය හදාරා ඇත්දැයි මා නොදනිමි)
අවසාන වශයෙන් මෙය කිව යුතුය. හිටි හැටියේ මෙහෙම ලිපියක් ලිව්වේ ගැහැනිය ගැන තියෙන දුර්මත කීපයක් හෝ ඉවත් කිරීමටය. ගැහැනිය යනු සෙක්ස් වලටම උපන් එකියක් ය ඊට වඩා යමක් එතන නැතැයි කියන්න උත්සාහ කරන්නේ පුරුෂාධිපත්‍යයට ආවඩන සාහිත්‍යකාරයන් සහ ඔලමොට්ටල තක තීරුවන්ය. ඒවා බොරුවට ඔළුවට අරන් තමන්ගේ පවුල් ජීවිත අවුල් කර ගන්න එපාය. ගැහැනියක් සහෝදරියක් ලෙස යෙහෙළියක් ලෙස බිරිඳක් ලෙස මවක් ලෙස ඉටු කරන කාර්යයත් කාර්යාලයක හෝ වෙනත් ආයතනයක් වෘත්තීයවේදියක් ලෙස ඉටු කරන කාර්යයත් අපට කිසිසේත් අවතක්සේරුවෙන් සැලකිය නොහැක. ඇයට ආදරය කරන්න, ඇයව රැක ගන්න. ගැහැනියක් බුදු කෙනෙක් බවට පත් කරන්න ඕනේ නැහැ. ඒ වගේම ඇයව බඩුවක් කෑල්ලක් ගාණට දාන්නත් එපා. ඒ වචන පවා භාවිතයෙන් අහක් කර ගන්න. ගැහැනිය යනු ඇට ලේ මස් වලින් හැදුණු ගැහෙන හදවතක් තියෙන දැනෙන මොළයක් තියෙන මිනිසෙකි. ඇයව මනුෂ්‍යයෙක් වශයෙන් තේරුම් ගන්න. ඇයට මිනිසෙකුට සලකන විදිහට සලකන්න. ඇය දරුවො හදන මැෂිමක්වත් ඇඳ උඩ බුදි කරවා ගන්න සෙල්ලම් භාණ්ඩයක්වත් නොවන බව තරයේ තේරුම් ගන්න.
ඕලමොට්ටලයෝ තේරුම් ගනිත්වා ගොන්නු ඇනගනිත්වා.
කතෘ අයිතිය - බර්ට්‍රම් ජී. ලියනගේ


ප.ලි.
පොඩි උන් මේක කියවලා මට බනින්න එපා !
ඔය උපාසක අයත් එපා !! 
මොනවද ලියන්නේ අහන්නත් එපා, ගන්න දෙයක් තියෙනවා ඕනි අය කියවන්න.
උඹලා මලෙන් ඉපදුන උන් නෙවේ නේ මමත් එහෙම නෙවේ.
ලිපිය නැවත සකස් කරන ලද බවද මතක් කරමි 

Friday, May 22, 2015

හදවතක් තියේද . . . ?


උරහිසක් තියේද . . . ?

කාලයකට කුලියට ගන්න

ටික කලක් අඩමි මම 

එතෙක් මට උර දෙන්න . . . .


පපුවක් තියේද . . . ?

කාලයකට කුලියට ගන්න

වෙහෙස වී හිදිමි මම

මා තුරුලු කර ගන්න . . . .


හදවතක් තියේද . . . ?

සින්නක්කරවම ගන්න

සදාකල් හිනැහෙන්න

මට ආදරය දෙන්න . . . .