Friday, October 24, 2014

මට ඔබ ආදරේ නිසාවෙන් ...



හිරු සඳු නොඉල්ලමි මම ඔබෙන්
මගේ ලොවේ හිරු සඳු ඔබම නිසාවෙන් ...


සුර සැප නොඉල්ලමි මම ඔබේන්
මට ඔබ ඇති තැන වෙන සැපතක් නොමැති නිසාවෙන්...


හඬන්නට කඳුලු නොඉල්ලමි මම ඔබෙන්
මට ඔබ මහ සයුරක් තරමට කඳුලු උරුම කර දුන් නිසාවෙන්...


ආදරය නොඉල්ලමි මම ඔබෙන් 
මට ඔබ මහමෙරක් තරමට තවමත් ආදරේ නිසාවෙන් ... 


ගූගල් දෙවියා විසින් සපයන ලද රූපරාමුවකි.