Friday, August 29, 2014

කාසි කොළය

කාසි කොළය පිස්සි වගේ
මෙහෙම කියනවා
පාරෙ සෙනඟ පුදුම වෙලා
බලා සිටිනවා
මං ඉස්සර වාගෙ නොවෙයි
බරත් අඩුයි
හැඩත් අඩුයි
සුළඟෙ ඇදී යන්නත් පුළුවන්
ඒත් රටේ කොයි කවුරුත්
ළඟට ගනිති
වැළඳ ගනිති
අම්මට තත්තට නැති සැලකුම්
අම්මාවරු දරුවන් දී
ඇඟපත දී
නම්බුව දී
මාව හොවති ළය මත උණුසුම්
මෙහෙම කලක් තිබුණේ නැහැ
සදාචාරෙ
විනීතකම
දෙපයින් ගිය කාලෙද මට නම්...