Friday, May 22, 2015

හදවතක් තියේද . . . ?


උරහිසක් තියේද . . . ?

කාලයකට කුලියට ගන්න

ටික කලක් අඩමි මම 

එතෙක් මට උර දෙන්න . . . .


පපුවක් තියේද . . . ?

කාලයකට කුලියට ගන්න

වෙහෙස වී හිදිමි මම

මා තුරුලු කර ගන්න . . . .


හදවතක් තියේද . . . ?

සින්නක්කරවම ගන්න

සදාකල් හිනැහෙන්න

මට ආදරය දෙන්න . . . .


Saturday, May 16, 2015

නුබ ඉතිං මට පුදුමයක් . . .


හදිස්සියේ දවසක නුබේ නිල් නුවන් දැක 

සිතට ලද සුව මිහිර 

මටම තව පුදුමයක් 

වැඩි කලක් ගතනොවී 

සිතට සඳ මඩලවී සිනාසුන

සුභ දිනය වාසනාවක් 

මටම නුබ ලැබෙන බව නොසගවා පැවසුවත් 

සොඳුරු පෙම් කවි මිහිර සිත පුරා පබැදුනත් 

තවම මට නොතේරුණ 

නුබ ඉතිං මට පුදුමයක් . . . 

Thursday, May 7, 2015

ඔබේ සෙනෙහස මගෙ ජීවිතයි . . .

ඔබට පුදුම ඇති මේ සෙනෙහස ගැන

හිතා ගන්නවත් බැරුව ඇති

හුස්මෙන් හුස්මට ඔබම මතක් වෙන 

ආදරයේ මල් සුවඳ ඇති . . .



ඔබ දුටුදා සිට

ඔබටම ලංවුණු

ඔබටම වෙන්වුනු ආදරයයි

උදේ දවල් රෑ හැම තත්පරයේම

ඔබේ මතක මගේ ජීවිතයයි . . .



ඔබ දොඩමලු වන

වදනක් ගානේ

හිත සනහන මුදු ආදරයයි

සංසාරේ හුරු කවියක් වාගේ

ඔබේ සෙනෙහස මගෙ ජීවිතයි . . .