කාසි කොළය පිස්සි වගේ
මෙහෙම කියනවා
පාරෙ සෙනඟ පුදුම වෙලා
බලා සිටිනවා
මං ඉස්සර වාගෙ නොවෙයි
බරත් අඩුයි
හැඩත් අඩුයි
සුළඟෙ ඇදී යන්නත් පුළුවන්
ඒත් රටේ කොයි කවුරුත්
ළඟට ගනිති
වැළඳ ගනිති
අම්මට තත්තට නැති සැලකුම්
අම්මාවරු දරුවන් දී
ඇඟපත දී
නම්බුව දී
මාව හොවති ළය මත උණුසුම්
මෙහෙම කලක් තිබුණේ නැහැ
සදාචාරෙ
විනීතකම
දෙපයින් ගිය කාලෙද මට නම්...
එහෙම කියල රට අතෑරල යනව එහෙම නෙවෙයි.
ReplyDeleteනෑ නෑ කොහෙවත් යන්නෙ නෑ
Deleteඅල්ලට කාසිකොලය සැහැල්ලු වගේ දැනුනට හිතට නම් කාසිකොල ගොඩක් බරයි
ReplyDeleteඒකනන් ඇත්ත හංසියේ....
Delete