මගේ කුස පුරවන්න
ඔබ
හෙලපු දහඩිය
අනන්තයි අප්ප්‍රමානයි
මගේ අම්මේ...
මගේ කුස පුරවන්න
ඔබ
වේල් කීයක්
බඩගින්නේ ඉන්න ඇද්ද
මගේ අම්මේ...
සිනිදු සියුමැලි අත් වල
කරගැට එනකන්
ඔබ
කුබුරත් එක්ක
ඔට්ටු උනේ
මාව රජෙක් කරන්නනේ
මගේ අම්මේ...
ඉතින් මගේ අම්මේ...
මට
මේ ලෝකේ මොනතරම්
වස්තුව තිබුනත්
නුබ
තරම් වටිනා
වස්තුවක් නෑ
මගේ අම්මේ...
No comments:
Post a Comment
ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න