Thursday, May 7, 2015

ඔබේ සෙනෙහස මගෙ ජීවිතයි . . .

ඔබට පුදුම ඇති මේ සෙනෙහස ගැන

හිතා ගන්නවත් බැරුව ඇති

හුස්මෙන් හුස්මට ඔබම මතක් වෙන 

ආදරයේ මල් සුවඳ ඇති . . .



ඔබ දුටුදා සිට

ඔබටම ලංවුණු

ඔබටම වෙන්වුනු ආදරයයි

උදේ දවල් රෑ හැම තත්පරයේම

ඔබේ මතක මගේ ජීවිතයයි . . .



ඔබ දොඩමලු වන

වදනක් ගානේ

හිත සනහන මුදු ආදරයයි

සංසාරේ හුරු කවියක් වාගේ

ඔබේ සෙනෙහස මගෙ ජීවිතයි . . .



3 comments:

  1. ලස්සනයි පද ටික.................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      කාලෙකට පස්සේ මගේ ආදරණිය නංගි අතින් ලියැවුණු පද ටිකක් . . .

      Delete
  2. මේ පැත්තට අලුත් කෙනෙක් වාගේ ආදරයෙන් පිළිගන්නවා.

    ඇත්තටම ආත්ම ගානක ඉදන් පතාගෙන එන දෙයක් වෙන්න ඇති ආදරේ කියන්නේ . . .

    ReplyDelete

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න