Saturday, May 16, 2015

නුබ ඉතිං මට පුදුමයක් . . .


හදිස්සියේ දවසක නුබේ නිල් නුවන් දැක 

සිතට ලද සුව මිහිර 

මටම තව පුදුමයක් 

වැඩි කලක් ගතනොවී 

සිතට සඳ මඩලවී සිනාසුන

සුභ දිනය වාසනාවක් 

මටම නුබ ලැබෙන බව නොසගවා පැවසුවත් 

සොඳුරු පෙම් කවි මිහිර සිත පුරා පබැදුනත් 

තවම මට නොතේරුණ 

නුබ ඉතිං මට පුදුමයක් . . . 

Thursday, May 7, 2015

ඔබේ සෙනෙහස මගෙ ජීවිතයි . . .

ඔබට පුදුම ඇති මේ සෙනෙහස ගැන

හිතා ගන්නවත් බැරුව ඇති

හුස්මෙන් හුස්මට ඔබම මතක් වෙන 

ආදරයේ මල් සුවඳ ඇති . . .



ඔබ දුටුදා සිට

ඔබටම ලංවුණු

ඔබටම වෙන්වුනු ආදරයයි

උදේ දවල් රෑ හැම තත්පරයේම

ඔබේ මතක මගේ ජීවිතයයි . . .



ඔබ දොඩමලු වන

වදනක් ගානේ

හිත සනහන මුදු ආදරයයි

සංසාරේ හුරු කවියක් වාගේ

ඔබේ සෙනෙහස මගෙ ජීවිතයි . . .



Thursday, March 5, 2015

මගේ SWEETHEART . . . . . . . . .

අපොයි කාලය යන ඉක්මන ..........
මට නොදැනුනාට මේ පැත්තට නෑවිත් මාස දෙකකුත් ගිහින් කියලා දැක්කෙත් අදයි,

ආ..... මේ හැම එකකටම හේතුව තමයි මගේ SWEETHEART,
මට එයාව දෙන්න උනානේ....
එයට අයිති හැමදේමත් එක්ක...
ඉතින් කොහොමැයි මං ඉවසන් ඉන්නේ එයාව දීලා....
ඒත්............................................
මං ඉවසුවා ගොඩා.......ක්

ඒත්...
දීලා ආව දවස් වල මට නිකන් පිස්සු වගේ ...
මොකද
එයා මං ළගට ආව දවසේ ඉදන් මගේ ලෝකෙම උනේ එයා . . .


ඒත්..
දැන් නම් එච්චර ගානක් නෑ . . .
එයා නෑ කියලා,
ඒ මං හිතන්නේ කලෙත් එක්ක එහෙම ඉන්න පුරුදු වෙන හින්ද වෙන්න ඇති.


මේ තමා මගේ SWEETHEART


දැන් එයා මගේ නංගිලා දෙන්නත් එක්ක සතුටින් ජිවත් වෙනවා . . .
ඒ ගැන මට හරි සතුටුයි දැන්
අනික එයා මාසෙටම සතියක් විතර ඉන්නේ මං එක්ක.
ඒ නිවාඩුවට ගෙදර ගියාම.

ඉතින් මං ලබන සතිඅග ගෙදර යනවා . . . .

මං දම් පාට සමනලයෙක් . . .


මං
දම් පාට 
සමනලයෙක් . . .

ආසයි
මං 
එකම
එක
මලක්
මගේම
කරගන්න . . .

එත්
මල
කැමති
වේවිද ? ? ?

Monday, December 22, 2014


ඇත්තටම ඔබට, මට ජීවිතයේ අහිමි මොනවද ???

Friday, December 5, 2014

පාට පාට හීන


නුඹේ කවලං
වෙච්ච
පාට පාට හීන
මම
පිළිවෙලකට
හදනකොට... 
උඹ
මගේ
පිළිවෙලකට
තිබ්බ
හීන
සේරම
කවලං
කලා

Monday, December 1, 2014

කදුල...

මගේ ඇස් වලින්
වැටෙන කදුළු
හංගන් හිටියට
හිනාවෙලා
මේ
හිතින් ඔයාට
ආදරය කරන එක
හංගන් ඉන්න
බැරි වෙයි
කවදාවත්ම.