Sunday, July 20, 2014

සිනා පිපෙනා මේ වසන්තය

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ....
වසන්තය මලක් සේ.....
නිබඳ සුවඳයි ඔබ නිසා මටගම මැදින් හමනා පවන සිහිලැල් ....
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල් ....

සිනා පිපෙනා...
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින් ....
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින් ....
සිනා පිපෙනා......
ගායනය : සමිතා මුදුන්කොටුව ... ලක්ෂ්මන් විජේසේකර
සංගීතය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි

No comments:

Post a Comment

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න