Friday, October 24, 2014

මට ඔබ ආදරේ නිසාවෙන් ...



හිරු සඳු නොඉල්ලමි මම ඔබෙන්
මගේ ලොවේ හිරු සඳු ඔබම නිසාවෙන් ...


සුර සැප නොඉල්ලමි මම ඔබේන්
මට ඔබ ඇති තැන වෙන සැපතක් නොමැති නිසාවෙන්...


හඬන්නට කඳුලු නොඉල්ලමි මම ඔබෙන්
මට ඔබ මහ සයුරක් තරමට කඳුලු උරුම කර දුන් නිසාවෙන්...


ආදරය නොඉල්ලමි මම ඔබෙන් 
මට ඔබ මහමෙරක් තරමට තවමත් ආදරේ නිසාවෙන් ... 


ගූගල් දෙවියා විසින් සපයන ලද රූපරාමුවකි.

Friday, August 29, 2014

කාසි කොළය

කාසි කොළය පිස්සි වගේ
මෙහෙම කියනවා
පාරෙ සෙනඟ පුදුම වෙලා
බලා සිටිනවා
මං ඉස්සර වාගෙ නොවෙයි
බරත් අඩුයි
හැඩත් අඩුයි
සුළඟෙ ඇදී යන්නත් පුළුවන්
ඒත් රටේ කොයි කවුරුත්
ළඟට ගනිති
වැළඳ ගනිති
අම්මට තත්තට නැති සැලකුම්
අම්මාවරු දරුවන් දී
ඇඟපත දී
නම්බුව දී
මාව හොවති ළය මත උණුසුම්
මෙහෙම කලක් තිබුණේ නැහැ
සදාචාරෙ
විනීතකම
දෙපයින් ගිය කාලෙද මට නම්...

Thursday, July 31, 2014

ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ......

"සුරගනට අමතකව දරුවන් හඩද්දි කුනු බක්කියේ
නුබ යකින්නක් උනේ කොහොමද කියාදිපන් නන්ගියෙ"

වර්තමාන සමාජයෙ විවිද හේතුන් මත තෙමෙ ලෛන් උප්න් දරුවන් මාරයාට බිලි දුන් මවු පියන් ගෙන අසන්නට ලැබුන අවස්ත බොහෝය.
මෙම "ගොර සපුන්" ගීයෙන් ,ගීත රචක රජී වසන්ත අප සමාජයේ යකින්නක් ලෙස සලකන මෝහිනි යන සන්කල්පය හරහා අපූරු පනිවිඩයක් ලභ දෛ.
තම දරුව මව්තෙ දමායන මිනිසුන් සිටින සමාජයේ තම ලිහිල් වූ ඇදිවත ඇද ගැනිමට දරුව බිම නොතබන මෝහිනි යකින්නක් කියන්නෙ කෙලෙසද?
ගීත රචක රජී වසන්ත වෙල්ගම යනු 2011 වසරේ හොදම ගීත ර්චනයට හිමි සම්මානය දිනාග්ත් ඵද රචකයෙකි .ඇ "මෙතරම් සියුමැලිද කලුගල් ගීතයටඉ.

ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ
දොල හඩන තුන් මන් හන්දියේ
කවුරු එන තුරු මග බලනවද
මෝහිනී මගෙ නන්ගියේ
මෝහිනි ආදර නන්ගියේ..

උබේ දරුවා ගන්න කවුරුත්
නොඑන මූසල මන්ඩියේ
උබට දරුවෙක් එන්න
ඕන තරම් ඇති නන්ගියේ
උබට දරුවෙක් ඩෙන්න
ඕන තට් අම් ඇති හන්දියේ....

සුරගනට අමතකව දරුවන්
හඩද්දි කුනු බක්කියෙ
උබ යකින්නක් උනෙ කොහොමද
කියා දිපන් නන්ගියේ...

ගොර සපුන්....

*ගායනය-සමන් ලෙනින්
*ගී පද -රජී වසන්ත වෙල්ගම
*සන්ගීතය-දර්ශන රුවන් දිසානායක



අත හිත "රුචිත"

Tuesday, July 29, 2014

කොහොමද වැඩේ.....


සිත නැවතුණා .....


























සිත නැවතුණා 
මං දුර ගියා
එනමුත් යනෙන මඟ
ඔබ හිනැහුනා.....
මං නැවතුණා
යලි එනු නියා
එනමුත් අතරමග
ඔබ හමු උණා.....
මං හිනැහුනා
ඔබ එන නිසා
එනමුත් පුරුදු ලෙස
ඔබ හැර ගියා....



ලිවුවේ මගේ යාලූ "තනූජා"

Saturday, July 26, 2014

වැඩිම මනාප ලැබූ වීඩියෝව


වැඩිම මනාප ලැබූ වීඩියෝව ....
වැඩි කතා මොකටද නේද?

ඔන්න ඔයත් බලන්නකෝ එහෙනන්

මමත් ගියා එහෙනන්...
ලස්සන දවසක් ඔයාලට

Monday, July 21, 2014

මගෙ සෙනෙහෙ...

මගෙ සෙනෙහෙ මං ලඟම තිබුනාවෙ
ඔබෙ වෙන්න පිං මදි උනා වාගෙ
උහුලන්න බෑ හිතම හැඬුවාවේ
මගෙ හීනෙ ඔබ ඉන්නවා
මං ලඟම ඔබ ඉන්නවා
රෑ නින්දෙ දැනුන ඒ සෙනෙහෙ
මටම හිමිවෙයි කියා හිත රැවටුනා
නොදොඩාම අහක බැලුවාම
තනිව විඳි සෝ සුසුම් ඔබ දන්නෙ නෑ
ඔබ නැතිව මට ඉන්න බෑ
තනිවෙන්න හිත හයිය නෑ
දුර ඈත කොහොම යනවාද
නොදැන මගෙ ආදරෙ ඇගෙ අත අරන්
මා උන්නෙ දිනෙක ඔබෙ වෙන්න
ලොවම අමතක උනේ ඒ හින්දමයි
ඔය වාගෙ මට යන්න බෑ
මට ආයෙ ඔබෙ වෙන්න බෑ